Tuesday 20 September 2011

විදුලි මිණි පහන් දැවී...

විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැළී
නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ..//

එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා
ඔබේ හඬ කිදී සිදී යයි
කතා සරිත් සාගරේ..//

දෙන්න කන්න බොන්න කොකියා
දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා..//

ඔබේ ලෝකයෙන් එහා
මගේ ලොව බලා හිඳී
පළා යමි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී..//

ගී පද - ලූෂන් බුලත්සිංහල

ගුණදාස කපුගේ ලාංකීය කලා කෙතට බිහිවූ නැවත කිසිදාක බිහි නොවන ආකාරයේ සැබෑ මානව හිතවාදී කලාකරුවෙක්.කපුගේ විප්ලවවාදීයෙක් ලෙස හැදින්වුවාට වරදක් නැහැ. ඒ ඔහු පීඩිත පන්තිය වෙනුවෙන්,අයිතිය වෙනුවෙන් වෙනස්ම ආකාරය ගීත ගැයූ ගායකයෙක්.ඇත්තෙන්ම ඔහු වමට බරව තම සංගීතය මෙහෙය වූ සැබෑ මානව හිතවාදී කලකරුවෙක්.ඔහු ගායනා කල ගීත බොහොමයක් එවැනි ගීතයි.සබඳ අපි,අයියන්ඩියේ,විදුලි මිනි පහන් එවැනි ගීතයන්ට හොදම උදාහරන ලෙස හැදින්විය හැක.

ඔහු මිනිසුන් වෙනුවෙන් ගායනා කල සැබෑම මිනිසෙක්.ලූෂන් බුලත්සිංහලයන් අතින් ලියවුනු මේ ගීතයත් එවැනි ගීතයක්.පීඩිත පන්තියත් ධනපති පන්තියත් අතර ඇති දුරස්බව මැනවින් පැහැදිලි වන මෙම ගීතය ඔහු විසින් ගායනා කල විශිෂ්ඨ ගීතයක් වන්නේ ඒ නිසාවෙනි.

පීඩිත පන්තිය සහ ධනපති පන්තිය අතර ඇති පරස්පර භාවය මුල් කරගෙනයි මෙම ගීතය රචනා වෙන්නේ.ඇත්තෙන්ම වර්ථමානයේදී අහිංසක දිලිඳු පවුලකට එක වේලක් සොයාගන්න,තම දරුවන්ගේ කුස පුරවන්න අහරක් නැතිව අසරණ වෙත්දී ධනපති පන්තියේ මහා ධනපතියෝ එක් රැයකින් දහස් ගනන් වලින් සාද පවත්වා මුදල් නාස්ති කරන රටකයි අපි ජීවත් වෙන්නේ.අහිංසක් දිළිඳු දරුවෙකුගේ කුසට එක වේලක් නැති රටකයි ධනවත් මව් පියෝ තම දරුවන්ගේ උපන්දින සාද සදහා මිලියන ගනන් වියදම් කරන්නේ.මේ ක්‍රමය වෙනස් විය යුතුයි.නමුත් වෙනස් නොවන එකයි ඇත්ත.වර්ථමානයට හොදටම ගැලපෙන මෙම ගීතයෙත් ඇත්තේ එම පීඩිත පන්තිය සහ ධනවත් පන්තිය අතර ඇති පරස්පර භාවයයි.

ගීත රචකයා මේ පරස්පර භාවය මැනවින් පැහැදිලි කරන්න ආදරය කියන බැදීම මුල් කරගෙන තමයි මේ ගීතයය රචනා කොට තිබෙන්නේ.

ධනපති පන්තියට අයත් යමක් කමක් ඇති නාගරික පවුලක තරුණියක් සහ දුප්පත් ගමක තරුණයෙක් විවාහාවෙලා එම තරුණයා මුහුණ දෙන අත්දැකීමක් තමයි ගීතයේ කියවෙන්නේ.ආදරය නිසා විවහ වූ නමුත් එම පවුළ් පරිසරය ඔහුට ගැලැපෙන්නේ නැහැ.ඔහු එම සමාජයට ගැලපෙන්නේ නැහැ. ඇය ඇයගේ මිතුරු මිතුරියන් පිරිවරාගෙන නිවසේ සාදපවත්වමින් විනෝද වෙත්දී පුර්ෂයෙකු ලෙස ඔහුගේ පවුලේ ආධිපත්‍ය අහිමි වෙනවා.මේ පරිසරය තුල ඔහුට කිසිම බලයක් නොමැති අයෙක් බවට පත්වෙනවා.

''කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ''  වැනි යෙදුම් වලින් ඒ බව මනාව පැහැදිලි වෙනවා.

''විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැළී
නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ...''

නේක වර්ණ විදුලි බුබුලු මැද,බොළඳ ගී මැද අදුරු මුල්ලක සිරවී සිටින මම ඔබේ මන්දිරේ කුරා කුහුඹුවෙක් තරම් කුඩාය.

''එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා
ඔබේ හඬ කිදී සිදී යයි
කතා සරිත් සාගරේ''

ඇය හැමටම කථාබස් කරමින් විනෝද වෙත්දී ඇයට ඔහු මතක නැහැ.ඇගේ හඬ ඔහුට ඈතින් ඇසෙනවා.

''ඔබේ ලෝකයෙන් එහා
මගේ ලොව බලා හිඳී
පළා යමි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී.''

ඔබේ මේ ලෝකයෙන් එහා මගේ ලොව බලාසිටිනවා.මම ඔබේ ලොවෙන් පලා යන්න යනවා මගේ ලෝකය සොයා.

7 comments:

  1. ම දන්නා තරමට කපුගේ සැහෙන දුරට මාක්ස් වාදියෙක්.
    ඔහුගේ "උල ලේනෝ" ගීතය කියවෙන්නේ 71 කැරලි කරුවන් ගැන...

    ReplyDelete
  2. අද ඉන්න සිල්ලර ගායකයන්ට සහ ප්‍රවීණ කියල කියාගන්නා මෝඩයන්ට කපුගේ කියන්නේ ආදර්ශයක්!
    නියමයි දිගටම ලියන්න !

    ReplyDelete
  3. මගෙ අදහසට නම් කපුගේ බොහොම සරල නිහතමානී අහිංසක මනුස්සයෙක්...
    පොළවෙ පය ගහල ජීවත් වෙච්ච මිනිස්සු එක්ක සම සමව ජීවත් වෙච්ච කෙනෙක්....
    බොල් සිංදු වෙනුවට තේරුමක් ඇති යථාර්ථවාදී ගීත ගායනයේ යෙදුන ගායකයෙක්...

    අනික මේ ගීතයෙ පද රචනාව ගැන කිවුවොත් ඒකට මූලාශ්‍ර කරගෙන තියෙනව ශ්‍රේෂ්ට අපරදිග ලේඛකයෙක් ලියපු පරිවර්තනයක කොටසකුත්.... මට ඒක හරියටම මතක නෑ... මතක් වුන දවසකට හැකි ඉක්මනින් මම ඒ ගැන මෙතන දාන්නම්..

    මම ආසම මේකෙ අන්තිම කොටසට..
    "ඔබේ ලෝකයෙන් එහා
    මගේ ලොව බලා හිඳී
    පළා යමි ඔබේ ලොවෙන් මා
    දෙපා සමු නොදී."

    කොච්චර කලත් මේ පුද්ගලය තේරුම් ගන්නව මේ වලවු පැළැන්තියෙ අය අතර නෙමෙයි තමන්ගෙ ලෝකය තියෙන්නෙ කියල.. උත්සවය තියෙන දෙමහල් නිවසෙ අඩක් ඇරුන දොරකින් එයා දකිනව තමන් ඉඳපු තමන් හැදී වැඩුණු පැල්පත් සමූහය ඈතින්.....
    තමන්ගේ ලෝකය තියෙන්නෙ මෙතන නෙමෙයි අන්න එතනයි කියන දේ එතනදි බෝම හොඳින් කියනව..

    අනික.... මේ උත්සවයෙදි මේ පුද්ගලයගෙ බිරිඳ කියනව තමන්ගෙ සැමිය කලාකරුවෙක් කියල... ඒ බව දැනගෙන උත්සවේ හිටපු හැමෝම මෙයාගෙන් ඉල්ලීමක් කරනව ගීතයක් කියන්න කියල... එයා ගායනය කරන්නෙ.. සරස්වතී ගීතය අමරදේව මහත්මයගෙ... ප්‍රේක්ෂකයො අතරමගදිම කෑ ගහල නවත්වනව ඔහුගෙ ගායනය..... ඔවුන් කියනව "අපි බලාපොරොත්තු වුනේ ඔබ වේග රිද්ම ගායනයක් කරාවි කියල". එතනදිත් ඔහු අවබෝධ කරගන්නව මේ ඔහුට හිමි ඔහුගෙ ලෝකය නෙමෙයි කියල...

    තවත් විස්තර ගොඩක් තියෙනව.... මම නිදහස් වෙලාවක මෙතනම කමෙන්ටුවක් විදියට ඒක දාන්නම්කො...

    ReplyDelete
  4. මගෙ අදහසට නම් කපුගේ බොහොම සරල නිහතමානී අහිංසක මනුස්සයෙක්...

  5. එලකිරි මමත් ආසම සිංදු දෙකක් දැනට දාලා තියෙන්නේ තව ලියන්න කියලා කියනවා සතුටින්.

    ReplyDelete
  6. හිතුවෙ දිගටම ලියයි කියල තවත් මේ වගේ ඒවා

    ReplyDelete